ලංකාවෙ සංස්කෘතිය පිරිහිලාද?(CULTURE)


ලංකාවෙ සංස්කෘතිය විනාශ වෙලාද?
බෞද්ධ,හින්දු,ක්‍රිස්තියානි,මුස්ලිම් මේවයින් මොන සංස්කෘතිය ද හරි?


අද කතා කරමු සංස්කෘතිය ගැන..


1. මොකක්ද සංස්කෘතියක් කියන්නෙ?

සරලවම කිව්වොත් සංස්කෘතියක් කියන්නෙ මිනිස්සු හැසිරෙන ආකාරයට..මේක රටින් රටට,ගමින් ගමට,පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන්.

2. අපි මොන සංස්කෘතියෙද?

ගොඩක් දෙනෙක් පිලිගන්න දෙයක් තමයි අපේ රටේ තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියක් කියන එක.
මොකක්ද ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය ??

ඔයා පන්සල් යනව නම්,බුදුන් වදිනව නම්,දන්සල් දෙනව නම්,දාන දෙනවනම්,සිල්ගන්නව නම් ලංකාව තුල නම් ඔයා බෞද්ධ සංස්කෘතියට අයිතියි කියල අපිට කියන්න පුලුවන්.හැබැයි වෙනත් රටක බෞද්ධ සංස්කෘතිය මේක නොවෙන්න පුලුවන්..හිතන්න ඔයා පන්සල් යන්නෙ නෑ,සිල් ගන්නෙ නෑ ,දාන දෙන්නෙ නෑ උඩින් කිව්ව මුකුත් කරන්නෙ නෑ කියල හැබැයි ඔයා බෞද්ධ පොත්පත් කියවනව නම් ඔයා අපි කලින් කිව්ව බෞද්ධ සංස්කෘතියට අයිති නෑ ඔයා අයිති ඔයා වගේම බෞද්ධ පොත්පත් කියවන අයගෙ සංස්කෘතියට..මේ විදියට එකම සංස්කෘතියට අයත් මිනිස්සු හැසිරෙන්නෙ ගොඩක්ම සමාන විදියට.ඒ වගේම සංස්කෘති ගනනාවකට අයත් මිනිස්සු සාමජයක ඉන්නව.

දැන් අපි බලමු ඔයා කොහොමද ඔයාගෙ සංස්කෘතියක් තෝරගන්නෙ කියල.
ඔයාගෙ වටේ ඉන්න පිරිස අයිති වෙන සංස්කෘතියට ඔයා අයිති වෙන්න ඕන නෑ.ඔයාගෙ අම්මල තාත්තල බෞද්ධ සංස්කෘතියට අනුව කටයුතු කරා කියල ඔයා එහෙම වෙන්න ඕන නෑ.ඔයාගෙ යාලුවො අයිති සංස්කෘතියට ඔයා අයත් වෙන්න ඕන නෑ.ඔයා ඔයාගෙම සංස්කෘතියකට අයිති වෙන්න..සරලවම ඔයා ජීවත් වෙන විදිය ඔයාගෙ පුරුදු තමයි ඔයාගෙ සංස්කෘතිය.

3. ඉතින් නිවැරදි සංස්කෘතිය මොකක්ද ?

ඇත්තටම එහෙම නිවැරදි සංස්කෘතියක් කියල එකක් නෑ.ඔයා පිලිපදින සංස්කෘතිය ඔයාට හරි.අනිත් සංස්කෘතීන් ඔයාට අනුව වැරදියි.ඉතින් මේ ලෝකෙ කිසිම සංස්කෘතියක් හැමෝටම හරිත් නෑ වැරදිත් නෑ.

4. ලංකාවෙ සංස්කෘතිය පිරිහිලාද?

ඔයාට මේ වචන ටික නම් ඇති වෙන්න ඇහිල ඇති.ලංකාවෙ සංස්කෘතිය දැන් පිරිහිලා කියල.ගොඩක්ම මේක කියනව ඇහෙන්නෙ අපේ වැඩිහිටි පාර්ශවය..ඉතින් ඇත්තටම ලංකාවෙ සංස්කෘතිය පිරිහිලාද?

ඇත්තටම මේක වැරදි මතයක් සංස්කෘතියක් කවදාවත් පිරිහෙන්නෙ නෑ..සංස්කෘතියක් අලුත් වෙනව කියන්නෙ පිරිහෙනව කියන එක නෙමෙයි..දවසින් දවස හැමදේම අලුත් වෙනව වගේ සංස්කෘතියත් නවීකරණය වෙනව.ඔයා කොට සායක් ඇන්ද කියල සංස්කෘතිය විනාශ වෙන්නෙ නෑ.කරාබුවක් දාල ටැටූ එකක් ගැහුවට සංස්කෘතිය විනාශ වෙන්නෙත් නෑ.
උදාහරණයක් විදියට අපි දන්නව සිංහල සංස්කෘතියෙ ටික කාලෙකට කලින් සැමියා කෑම කනකම් බිරිඳ කෑම කන්නෙ නෑ.සැමියට කෑම බෙදල දීල එයා කනකම් ඉදල සැමිය අතහෝදල පිගාන දුන්නම ඒව හෝදල තමයි බිරිඳ කෑම කෑවෙ.ඒත් අද වෙනකොට මං දන්න තරමින් ගොඩක් ගෙවල් වල මේක සිද්ද වෙන්නෙ නෑ.ඇත්තටම ඒක මේ සියවසට නොගැලපෙන දෙයක්.දැන් බිරිඳත් සැමිය වගේම රැකියාවක් කරනව දරුවන් බලාගන්නව උයනව මේ දේවල් එක්ක එකී සංස්කෘතිය නවීකරනය වෙලා තියනව.

ඇයි එහෙනම් මේ සංස්කෘතිය පිරිහිලා කියල ගොඩක් අය කියන්නෙ.?
ඒකට හේතුව තමයි තමන්ගෙ සංස්කෘතිය තමන් වටේ ඉන්න පිරිස අනුගමනය කරන්නෙ නැති එක.ඉතිම් ඔයා දකිනව දැන් සංස්කෘතිය විනාශ වෙලා කියල.ඇත්තටම නෑ වෙලා තියෙන්නෙ ඔයාගෙ අවට ඉන්න අය ඔයාගෙ සංස්කෘතිය පිලිපදින්නෙ නැති එක.ඒකට ඔයා එයාලට බැන්නට වත්,රන්ඩු වෙන්න ගියාටවත්,FACEBOOK එකේ දිග COMMENT දාල බැනගත්තටවත් කිසිම වැඩක් වෙන්නෙ නෑ.ඉතින් ඔයාට දැන් මේ තත්වෙ තේරෙනව ඇති.


5. ඇයි මේ සංස්කෘතියට ගහමරා ගන්නෙ

ඇත්තටම මේ තමන්ගෙ සංස්කෘතිය හරි අනිත් ඒව වැරදී කියල ගහමරා ගන්න එක අද වෙනකොට ලොකු ගැටලුවක් වෙලා තියනව.ඉතිම් ඒකට හේතුව තමයි මං අර කලින් කිව්ව කාරනා තේරුම්ගන්න බැරි වීම.ඉතිම් දැන් ඔයා දන්නව මොකද එහෙම වෙන්නෙ කියල.ඉතිම් ඉස්සරහට මෙහෙම ප්‍රශ්නයක් ඔයාට ඇති උනොත් ඔයා දැන් දන්නව ඒක ගහමරා ගත්තට බැනගත්තට වැඩක් වෙන්නෙ නැති ඉවරයක් නැති ගැටලුවක් කියල.

ඉතිම් අපි හැමෝම ඉපදුන දවසෙ ඉදන් ආගමෙන්,සංස්කෘතියෙන්,ඉස්කෝලෙන්,දෙමව්පියන්ගෙන්,වැඩිහිටියන්ගෙන් අපේ ඔලුවලට දාපු රාමු අයින් කරගනිපු දවසට අපිට ලෝකය දිහාවෙනස් විදියකින් බලන්න.විවෘතව හිතන්න වගේම දියුණු වෙන්නත් ලේසි වෙනව.ඉතිම් මේ සයිට් එකේ LOGICAL STORY යටතේ අපි ඉදිරියටත් මේ දේවල් කතා කරමු.ඉතිම් මේක ගැන ඔයා හිතන්නෙ කොහොමද යටින් COMMENT කරන්න.අදහස් තමයි වටින්නෙ..

දැනුම සොයන ඔයාට ජය වේවා...


4 Comments

  1. නියමයි සුපිරි කන්සෙප්ට් එකක් ❤❤

    ReplyDelete
  2. ගොඩක් දේවල් දැනගත්ත ස්තූතියි

    ReplyDelete
Post a Comment
Previous Post Next Post