ශර්ලොක් හෝම්ස් වගේ මතක ශක්තිය වැඩි කරගමු(Mind palace)


 ශර්ලොක් හෝම් රසිකයෙක් නම් අනිවාරෙන්ම දන්නව ශර්ලොක් හෝම්ස් එයාට දෙයක් මතක් කරගන්න ඕන උනාම නිස්කලංකව ඉදගෙන මේ Mind Palace නැතිනම් මතක මාලිගාව තුලට ගිහින් ගොඩක් පරන සංකීර්ණ දේවල් පවා මතක තියාගන්නව.

ඉතින් ඒ විතරක් නෙමෙයි මර්වින් බෙලෙනියස් කියල කෙනෙක් ගෙන ඔයාල අහල තියනවද මෙයාට පැය භාගයක් ඇතුලත ඉලක්කම් 5040ක් මතක තියාගන්න පුලුවන් කියල සදහන් වෙනව.ඒ වගේම එකිනෙකට වෙනස් කාඩ් 52ක් මතක තියාගන්න එයාට තත්පර 33කින් පුලුවන්.ඉතින් කොහොමද මෙයා මේක කරන්නෙ අපිටත් බැරිද මේක කරන්න.ඉතිම් අද බලමු මතක මන්දිර ගැන..

1. මොකක්ද මේ Mind Palace කියන්නෙ?

Mind palace නැතිනම් මතක මන්දිර කියන්නෙ තමන් මවා ගත්ත දෙයක් තුල තමන්ට මතක තබා ගැනීමට අවශ්‍ය දේවල් තැන්පත් කිරීම.ඒ කියන්නෙ ඔයාට මතක තියාගන්න ඕන දේවල් ඔයා දැනටමත් දන්න දේවල් එක්ක පටලවල මතක තියාගන්න එක..

1. කොහොමද මේක කරන්නෙ?

අපේ මනසයි පරිගනකයයි අතර සමානකම් තිබුනත් දත්ත ගබඩා කරගැනීමෙදි නම් මේ දෙක ගොඩක් වෙනස් විදියට තමයි වැඩ කරන්නෙ.පරිගනකයකට ඉලක්කම්,අකුරු වගේ දේවල් පහසුවෙන් පොඩි ඉඩක් තුල ගබඩා කරගන්න පුලුවන් ඒත් අපේ මනසට මේ ඉලක්කම් අකුරු ගබඩා කරගන්නව කියන්නෙ ෆුල් අමාරු වැඩක්.හැබැයි පින්තූර,වීඩියෝ වගේ දේවල් ලේසියෙන්ම මතක තියාගන්න පුලුවන්.ඇත්තටම අපේ මනසට තියෙන්නෙ Videography මතකයක්.හරි දැන් අපි බලමු කොහොමද මේ ටෙක්නික් එක පාවිච්චි කරන්නෙ කියල.

ඔයාට අනිවාරෙන්ම කඩේට යන්න ගියාම ගේන්න ගියපු බඩු වර්ග අමතක වෙලා ඇති.හරි අපි කරලම බලමු පහතින් තියන බඩු ලයිස්තුව ඉක්මනට එක පාරක් කියවල ආපහු මතක් කරල බලන්න.ඒක ඔයාට විනාඩියක් 2ක් යන්නත් කලින්ම අමතකයි..

• ලූනු
• සුදු ලූනු
• සාදික්ක
• කොච්චි
• රතු මිරිස්
• කරාබුනැටි
• කරපිංචා
• සූදුරු
• අබ

මේක ගොඩක් පොඩි ලයිස්තුවක් උනත් මේකත් අපට මතක තියාගන්න අමාරුයි හරි දැන් මං කියන විදිහට try කරමුකො.ඔයාට කරන්න තියෙන්නෙ මං දැන් කියන කතාව මනසෙ මවාගන්න..

ඔන්න ඔයා ගෙදර යනකොටම ඔයාගෙ ගෙදර ඉස්සරහ දොර ලග ලූනු මහත්තයෙක් ඉන්නව ලස්සන රතු පාට ශර්ට් එකකුත් ඇදල.ඔයා දොර ඇරන් ඇතුලට යද්දි ඔයා දකිනව දොර ගාවම සුදුලූනු ළමයි ටික දෙනෙක් සෙල්ලම් කරනව.ඔයා පලවෙනි කාමරේට ගිහින් බැලුවම සාදික්ක මල්ලි ඇදේ හාන්සි වෙලා phone එකෙන් මොනවද බලනව.ඊලග කාමරේ දොර ඇරල බැලුවම කොච්චි අක්කයි රතු මිරිස් නංගියි හොදටම රන්ඩු වෙනව..මේ දෙන්නගෙ රන්ඩුව බලාගෙන ඉන්න බැරිම තැන කරාබුනැටි නංගි දෙන්නටම බැන බැන ගෙදරින් එලියට යනව.ඔයා සාලෙට ගිහින් බැලුවම එතන කරපිංචා ඇන්ටි සැපට පුටුවක් උඩ වාඩි වෙලා tv බලනව..ඔයා හිමින් කුස්සියට ගිහින් බැලුවම සූදුරු නංගි දවල්ට උයන එළවලු වලට අබ ටිකක් දානව.
ඉතිම් දැන් ඔයා ඇස් දෙක පියාගෙන මේ කතාව මතක් කරන්න.අනිවාරෙන් ඔයාට ඔක්කොම ටික පිලිවෙලට මතක තියේවි.ඔයා තව කොච්චර කල් ගියත් ඔයාට මේක මතක තියාගන්න පුලුවන් වේවි.

ඉතිම් ඔය දේ තමයි Mind Palace නැතිනම් මතක මන්දිරයක් හදා ගන්නව කියන්නෙ.මේක පුද්ගලබද්දයි.ඔයාට ඕනම තැනක ඕන තරම් දත්ත මේ ක්‍රමයෙන් මතක තියාගන්න පුලුවන්.ඔයාට ඕන නම් ලස්සන මාලිගාවක් නැත්තම් පුංචි පැලක්,නැත්තම් බංකරයක් උනත් ඔයාට ඕන විදිහට මවාගෙන මේ වැඩේ කරන්න පුලුවන්.මේක මුලින්ම විකාරයක් වගේ හිතුනට ටික දවසක් ඔයා මේක කරනකොට මේක ගොඩක් සරල වෙයි.ඔයාට ඕන දෙයක්,ඕන විශය කරුනක් උනත් මේ ක්‍රමයෙන් මතක තියාගන්න පුලුවන්.ඉතිම් සමහර අය ලොකු මාලිගාවක් හිතින් මවාගෙන ඒකෙ එක කාමරයක පුංචි පුංචි පෙට්ටිවල තමන්ට මතක තියාගන්න ඕන දේවල් තියල ගොඩක් සංකීර්න මතක මංදිර හදාගන්නව.ඒකට හොද පුහුණුවක් ඕන.ඉතිම් ලොකුවට නෙමෙයි පොඩියට කරල බලන්න ටික ටික මේ දේවල් කරල බලන්න.ඔයාට තේරෙයි ඔයාට මේකෙන් කොච්චර ලොකු වැඩක් අරගන්න පුලුවන් ද කියල.

1. මොනවද මේකෙ වාසි.

ඉතිම් වාසි ටිකත් උඩින් මං කිව්වනෙ මේකෙ වාසි තමයි
• ඔයාට ඕන දෙයක් සරලව ඕන කාලයක් මතක තියාගන්න පුලුවන් වෙනව
• ඔයාට ඕනම වෙලාවක ආපහු ඒ දේවල් මතක් කරගන්න පුලුවන් වෙනව.
• ගොඩක් සංකීර්ණ මතක තියාගන්න අමාරු දේවල් මතක තියාගන්න පුලුවන්
• ඔයාගෙ මොලයේ මතක ශක්තිය වැඩි කරගන්න පුලුවන්


හරි ඉතිම් ඔය දේවල් ටික කරල බලන්න අනිවාරෙන් හොද ප්‍රතිපල තියේවි.ඔයා ගොඩක් නිස්කලංක බාදා අඩු පරිසරයක ඉදගෙන මේක කරන්නත් අමතක කරන්න එපා.
ඔයාලට තියන ප්‍රශ්න යටින් comment කරන්න.සමහර විට ඔයාත් මේක පාවිච්චි කරනව ඇති ඉතිම් ඔයාගෙ අදහසත් අනිත් අයට දැනගන්න comment කරන්න.

දැනුම සොයන ඔයාට ජය වේවා....

3 Comments

  1. නියමයි bro..දිගටම ලියහන්❤

    ReplyDelete
  2. මචං නියම consent එකක් දිගටම කරගෙන යමු👍👍

    ReplyDelete
Post a Comment
Previous Post Next Post