ලංකාවෙ අපි මිත්‍යා දෘෂ්ටිකද?(The Mythical Vision)


ලංකාවෙ අපි මිත්‍යා දෘෂ්ටිකද?
බෞද්ධ,ඉස්ලාම්,කතෝලික,හින්දු මේවයින් මොකක්ද මිත්‍යා දෘෂ්ටික?

ඉතින් අද කතා කරමු මිත්‍යා දෘෂ්ටිය ගැන


1. මිත්‍යාව යනු කුමක්ද?


සරලවම කිව්වොත් මිත්‍යාව කියන්නෙ බොරුව.යතාර්ථය නොවන දෙය..නැති දෙයක් තියනව කියල වගේම පවතින දෙයක් නෑ කියල හිතන එකට විද්‍යාත්මකව අපි කියනව මිත්‍යාවක් කියල.

2. මිත්‍යාවෙන් මොකද වෙන්නෙ?


ලංකාව කියන්නෙ මිත්‍යා විශ්වාස හොදින් මුල් බැස ගත්ත රටක්.ඉතිම් මේ නිසාම ලංකාවට දියුණු වෙන්න ටිකක් අමාරුයි.ආර්ථික,සමාජීය වශයෙන් දියුණුවකට වඩා පරිහානියක් තමයි සිද්ද වෙන්නෙ..මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වගේම රටටත් අහිතකරයි..

3. දැන් අපි බලමු ලංකාවෙ අපි තුල තියන මිත්‍යාවන්..

  • පලවෙනි මිත්‍යාව තමයි අපි දුප්පත් රටක් අපි දුප්පත් අරය පොහොසත් කියල හිතන එක.

කෙනෙක් දුප්පත් වෙලා ඉපදුනා කියල එයා දුප්පත් විදියටම ඉන්න ඕන නෑ.අපේ සමාජෙ තියන දෙයක් තමයි දුප්පත් අය දුප්පත් සාමජෙකත් පොහොසත් අය පොහොසත් සමාජෙකත් ජීවත් වෙන එක.අපි හිතන් ඉන්නව දුප්පත් වෙලා ඉපදුන නිසා අපට පොහොසත් වෙන්න බෑ කියල.ඉතිම් මේක ලොකුම මිත්‍යාවක්.මේ නිසා පුද්ගලයා වගේම රටත් ආර්තික,සමාජීය පරිහානියට ලක් වෙනව.ගොඩක් අය කියනව මේකට හේතුව නරක ආර්තික ප්‍රතිපත්ති කියල.ඒකත් එක හේතුවක් තමයි.ඒවගේම මං දැන් කිව්ව මිත්‍යාවත් ඒකට ගොඩක් හේතු වෙනව.

  • දෙවන මිත්‍යාව වැඩිහිටියෙක් දෙයක් කිව්ව පලියට පිලිගන්න එක.
ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් කිව්ව කියල ඔයා ඒ දේ පිලිගන්න ඕන නෑ.එයා වැඩිහිටියෙක් උනා කියල එයා කියන දේ හරි වෙන්නෙත් නෑ.පොඩිකාලෙ ඉදන්ම අපේ ඔලුවලට දෙමව්පියෝ වැඩිහිටියෝ මේ දේවල් පුරවනව.ඔයා අයිති මේ සමාජෙට,ඔයා පිලිපදින්න ඕන මේ ආගම,ඒක එහෙම තමයි,අරක හරමයි..මෙන්න මේ විදියට එක එක රාමු ඔයාගෙ ඔලුව ඇතුලට දානව.ඔයා ඒ දේවල් ගෙන ප්‍රශ්න කරොත් ඔයාට හම්බෙන උත්තර තමයි.

පණ්ඩිතකම් කියන්නෙ නැතුව ඉදපන්
ඕව කියල පව් සිද්ද කරගන්න එපා
වැඩිහිටියෙක් දෙයක් කිව්වම පිලිගන්න පුරුදු වියන්
ඒක එහෙම තමයි


ඉතින් ඔන්න ඔහොම තමයි ඔයාට ලැබෙන උත්තර.පුංචි කාලෙ ඉදන්ම ඔයාගෙ ඔලුවට ආගමෙන් සංස්කෘතියෙන් කියල එක එක රාමු දානව ප්‍රශ්න අහන්න තියන අයිතිය නැති කරනව..පොඩි කාලෙදි ගොඩක් ලෝකෙ ගැන කුතුහලෙන් බලන දරුවගෙ ප්‍රශ්න ඇසීම නවත්තනව ඉතිම් දරුව ලොකු වෙනකොට Program කරපු robo කෙනෙක් වගේ වෙනව.ගොඩක් දුරට අපේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට වෙලා තියෙන්නෙත් ඕකමයි.එයාලගෙ අම්මල තාත්තල වැඩිහිටියො එයාලගෙ ඔලුවලට දාපු ඔය විකාර මිත්‍යාව අපේ ඔලුවලට දානව අපි අපේ ළමයින්ගෙ ඔලුවලට දානව.ඉතිම් මේක කොතනින් හරි කැඩෙන කම් ඒක දිගටම යනව.ඉතිම් මේ සයිට් එකෙන් ගොඩක්ම කතාකරන්නෙ අපි කොහොමද මේ රාමු කඩාගන්නෙ කියන එක.

ඉතිම් දැන් ඔයාට තේරෙනව අපේ කෙස් ඉදුනෙ නිකම් නෙමෙයි,අපේ රැවුල සුදුවුනේ නිකම් නෙමෙයි.අපි වයසට ගියේ නිකම් නෙමෙයි කිය කිය නොයෙක් දේවල් කියන වැඩිහිටියො කියන දේ සත්‍ය නොවෙන්න පුලුවන් ඉතින් ඔයා ඒව පිලිගන්න ඕන නෑ.ඔයාම හොයල බලන්න.ඉතිම් ඒ විදියට වැඩිහිටියෙක් කිව්ව කියල ඒක අපි පිලිගන්න ඕන කියන එක තමයි දෙවනි මිත්‍යාව.

  • තුන්වෙනි මිත්‍යාව ආගමෙන් සංස්කෘතියෙන් ආපු දේවල් සත්‍යයි කියල පිලිගන්න එක.
ඇත්තටම මේක අපි අතර තියන ලොකු මිත්‍යාවක් රටක් දියුනුවෙන්න ආගම සංස්කෘතිය යම්තාක් දුරට බලපෑවත් ඒක මතම එල්බගෙන සිටීම තරම් මෝඩකමක් තවත් නෑ.
පල්ලියෙන් කිව්ව,පංසලෙන් කිව්ව,කෝවිලෙන් කිව්ව,දේවාලෙන් කිව්ව කියල අපි දෙයක් පිලිගන්න ඕන නෑ.ඒක අනිවාරෙන් සත්‍යයි කියල එකකුත් නෑ.ඒවයි ඉන්නෙත් අපි වගේම මේ ලෝකෙ හැදිල වැඩුනු මිනිස්සු ඉතිම් එයාල කිව්ව කියල ඔයා ඒ දේවල් පිලිගන්න ඕන නෑ.අපි පොඩි කාලෙ ඉදන්ම මේ මිත්‍යා අපේ ඔලුවට දාපු නිසා තමයි අපිට හිතෙන්නෙ අර ආගම බොරු අපේ එක තමයි හරි කියල.අනිත් ආගම් වල අයටත් ඒ විදියටමයි හිතෙන්නෙ ඉතිම් අපි අනිත් අයත් එක්ක ගහමරා ගන්නව ඒක අන්තිමේදි කිසිම පදනමක් නැති ආගමික යුද්ද දක්වා වර්දනය වෙනව.අපි හැමෝම මිනිස්සු අපෙ ඉපදුන දවසෙ ඉදන් අපේ ඔලුවලට දාපු මේ රාමු මිත්‍යාවන් නිසා අපි අනිත් අයගෙන් වෙනස් අපි උතුම්,උත්තරීතරයි,උසස් වගේ මාන්නයක් හිතට ගන්නව.ඇත්තටම එහෙම නෑ අපි ඔක්කොම එකම විදියට ඉපදුනු එකම වර්ගෙක අය අපි හැමෝම මිනිස්සු.ඉතින් අපි අනිත් ආගම් වැරදියට දකිනව අර කලින් කිව්ව දේවල් නිසා සංස්කෘතිය ගැන කතා කරත් එහෙමයි.

• මහඹබා තමයි ලෝකය මැව්වෙ
• අල්ලා තමයි උතුම්ම
• ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැගිට්ට
• රහත් වෙලා උඩින් වැඩිය

මේ වගේ දේවල් දිහා බලන්න.අපි බෞද්ධ නම් අපිට රහත් වෙලා අහසින් වැඩිය කියන එක ඇරෙන්න අනිත් ඒව බොරු විදියට පේනව.අපේ මතේ හරි කියල හිතනව.ඒත් කතෝලික කෙනෙක්ට ක්‍රිස්තුස්වහන්සේ මරණින් නැගිට්ට කියන එක හරි අනිත් ඒව වැරදී අනිත් ඒවත් එහෙමම තමයි ඉතින් දැන් ඔයාට තේරෙනවනෙ.අපි පොඩි කාලෙම මේ මිත්‍යාව මතම program වෙලා.ඒ නිසා තමයි අපි අනිත් ආගම් සැක කරන්නෙ සංස්කෘතීන් සැක කරන්නෙ.

  • හතරවැනි මිත්‍යාව විශේෂ කෙනෙක් කිව්ව පලියට හෝ පොතක තිබ්බ කියල හරි දෙයක් පිලිගන්න එක
මෙකත් මිත්‍යාවක් ආගමික පොතක දෙයක් කියල තියනව කියල හිතන්න.ඒ කියන දේ ඒ පොතේ තිබුන කියල ඔයා පිලිගන්න ඕන නෑ.ඒක ලිව්වෙත් කවුරු හරි කෙනෙක් නෙ.එයා ඒ පිලිබදව කරපු පරීක්ෂණ ගැන සදහනක් නැත්තම් ඔයා ඒක පිලිගන්න ඕනමයි කියල එකක් නෑ.අනිත් දේ තමයි ඔයා විශ්වාස කරන කෙනෙක් කිව්ව කියල නැත්තම් පන්සලේ හාමුදුරුවෝ කිව්ව කියල ඉස්කෝලෙ ගුරුවරයෙක් කිව්ව කියල ඒක සත්‍ය වෙන්නෙත් නෑ.ඉතින් කවුරු හරි කිව්ව නිසා හරි පොතක තිබුන නිසා හරි දෙයක් පිලිගන්න ඕන කියන්නෙ ලොකුම මිත්‍යාවක්

  • පස්වැනි මිත්‍යාව තමන්ට ගෝචර නොවන දෙයක් පිලිගන්න ඕන කියන මිත්‍යාව.
මේ දේවල් නිසා තමයි අපි දේවාල පස්සෙ දුවන්නෙ නූල් බදින්නෙ බෙර ,යන්ත්‍ර,මැනික්,මුදු දාන්නෙ.අපිට පේන්නෙ නැති දේව යක්ශ භූත වගේ දේවල් නිසා ඔයා ඔයාගෙ ජීවිතේට බලපෑමක් කරගන්නව නම් ඒක ලොකු මිත්‍යාවක්.මේ දේවල් වල යම් සත්‍ය බාවයක් තිබුනත් ඒ මතම එල්බගෙන ඉන්නව කියන්නෙ ලොකුම මෝඩකමක්.
යන්ත්‍රයකින් ඔයාට තියන අපල නැති වෙන්නෙ කොහොමද කියල ඔයා දන්නවද?,ඔයා දැනටමත් ඒව කරන කෙනෙක් නම් ඔයාගෙ අපලෙ කොයිතරම් දුරට නැති වෙලාද කියල ඔයා දන්නවද? තව කොයිතරම් නැති වෙන්න තියනවද කියල දන්නවද? මේ ප්‍රශ්න වලට ඔයාට දෙන්න තියන උත්තරය නෑ නම්,ඔයා ඒ දේවල් කරල තියෙන්නෙ ලොකු මිත්‍යාවකින් දැන් ඔයාට ඒක තේරෙනව ඇති.කවුරු හරි කෙනෙක්ට හීනෙන් ඇවිත් දෙවියෙක් කිව්ව කියන්නෙ පිලිගන්න පුලුවන් දෙයක් නෙමෙයි,බෙහෙත් වට්ටෝරුවක් දෙවියෙක් දුන්න කියන එක හැමෝටම පිලිගන්න පුලුවන් මතයක් නෙමෙයි.ඔයාගේ කේන්දරේ මේ කාලෙ ඔයාට අපලයි අසුබයි කියල කියන නිසා ඔයා මේ කාලෙ ඔයාගෙ ජීවිතේ වැදගත් වැඩ පස්සට දානවනම් ඒක මිත්‍යාවක්.කේන්දරේ අසුබයි කියල ඔයා අලුතෙන් කරන්න හිතන ව්‍යාපාරය නවත්තනව නම් ඒක ලොකු මිත්‍යාවක් ඔයා තුල තියන..
බුදු දහමෙ ඕකට ලස්සන කතාවක් තියනව.
මට හරියටම මතක නෑ මට මතක විදියට නිඝන්ඩයො පිරිසක් ගඟක ස්නානය කරව පව් හේදෙන්න කියල.බුදුන් වහන්සේ ඒක දැකල අහනව දැන් කොච්චර පව් සේදිලද කියල.නිඝන්ඩයො උත්තර දෙනව දන්නෙ නෑ කියල.ආපහු බුදුන් අහනව තව කොච්චර සේදෙන්න පව් තියනවද කියල ඉතින් ඒකටත් උත්තරේ දන්නෙ නෑ කියන එකමයි.
ඉතිම් පස්වැනි මිත්‍යාව තමයි මේක.

දැන් ඔයාට තේරෙනව ඇති මිත්‍යාව නිසා අපිට සිද්ද වෙන දේවල්,සමාජයට සහ රටට සිදුවෙන දේවල්.ඉතින් දැන් ඔයා දන්නව මිත්‍යාවක් කියන්නෙ මොකක්ද කියන එකත්.ඉතින් මේ ඔයාගෙ ඔලුව තුල මුල් බැහැල තියන මිත්‍යාවන් අයින් කරල දාල විවෘත මනසකින් ලෝකය දිහා බලන්න ඔයාට මේ කිව්ව දේවල් උදව් වෙයි.

ඉතිම් ඊලග දවසෙත් අපි බලමු අපේ මේ ඔලුවලට වැටිල තියන රාමුව කඩාගන්න තවත් දේවල්..LOGICAL STORY යටතේ අපි ඒ දේවල් ගැන කතා කරමු.

ඔයා මොකද හිතන්නෙ මේ ගැන සමහර විට ඔයාට වෙනම අදහස් ඇති මේ ගැන පහලින් COMMENT කරන්න අපි දැනුම බෙදාගමු.

දැනුම සොයන ඔයාට ජය වේවා...

1 Comments

Post a Comment
Previous Post Next Post