• මුලින්ම බලමු මොකක්ද මේ Lucid dream කියන්නෙ?
Lucid dream කියන්නෙ සරලවම සිහිය ඇතිව සිහින දැකීම..ඒ මොකක්ද ඒ කිව්වෙ? අපි හීනයක් දකිද්දි අපි දන්නෙ නෑ අපි දකින්නෙ හීනයක් බව.අපේ මොලය අපිට පෙන්නන දේවල් බලනව එච්චර නෙ.අපේ සිත කොටස් 2යි.උඩු සිත සහ යටි සිත.අපි හීනයක් දකිද්දි අපේ උඩු සිත යටපත් වෙලා යටි සිත තමයි ක්‍රියාත්මක වෙන්නෙ.අපි lucid dreaming වලදි කරන්නෙ උඩු සිතත් සිහිනය තුලදි අවදි කරගන්න එක.මෙච්චර කිව්වට ඒක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.පැහැදිලිවම අපි දකින සිහිනයේ පාලනය අපි අතට ගන්න එක තමයි lucid dreaming වලදි සිදුවෙන්නෙ.• ඕන කෙනෙක්ට මේක කරන්න පුලුවන්ද?
අනිවාරෙන්ම ඕන කෙනෙක්ට පුලුවන්.සමහර අයට මේක උපතින්ම කරන්න පුලුවන්..එහෙම බැරි අයට පුංචි පුහුණුවකින් lucid dreamer කෙනෙක් වෙන්න පුලුවන්.• ඇයි අපි lucid dream බලන්නෙ.මොනවද අපිට කරන්න පුලුවන් ඒකෙන්?
Lucid dream තුලදි අපිට සම්පූර්න සිහිනය පාලනය කිරීමට පුලුවන් වෙනව.ඒ කිව්වෙ ඔයාට මල් වත්තකට යන්න ඕන කියල හිතුනොත් අපිට හීනෙන් මල් වත්තට යන්න පුලුවන්.හිතන්න ඔයාට සුපර් මෑන් වෙන්න ඕන කියල හිතුන කියල ඔයාට ඒක කරන්නත් පුලුවන්.ඔයාගෙ ගෑනු ළමයව,පිරිමි ළමයව හම්බෙන්න උනත් පුලුවන් දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන ගමන් අයිස්ක්‍රීම් එකක් කන්නත් පුලුවන් .හැබැයි හීනෙන්.දැන් තේරෙනවනෙ මේක කොහොම ජොලි වැඩක්ද කියල..හරි දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල.
• කොහොමද lucid dream බලන්නෙ.
Lucid dream බලන්න කරන්න තියන එකම දේ තමයි හීනය ඇතුලෙදි අපි ඉන්නෙ හීනයක කියල දැන ගන්න එක. ඒකට ගොඩක් ක්‍රම තියනව.එක එක technique පාවිච්චි කරනව.ඉතිම් ගොඩක් අය කරන.ගොඩක් අයට හරි ගියපු ක්‍රමයක් අපි බලමු.මං කරපු අධ්‍යන වලින් මේක තමයි මං දැනගත්ත හොදම ක්‍රමය..එහෙනම් පටන් ගමු.1.නිදාගන්න හොද වටපිටාවක්.
හීන දකින්නම් හොදට නිදාගන්න ඕන.නිදාගන්න නම් ඔයාගෙ ඇද කාමරය ඒකට සුදුසු වෙන්න ඕන.අදුරු සිසිල් විදියට ඔයාගෙ කාමරය තියනව නම් වඩා හොදයි.
2. Dream Journal (සිහින දිනපොතක්) තබා
ගැනීම.
සිහින දින පොත ඔයාගේ ඇද ළගම තියගන්න. ඔයා නින්දෙන් අවදි වුන විටම ඔයාට දැකපු හීනයේ ඔයාට මතක තියන කොටස් ඔක්කොම දිනය එහෙම දාලා ලියා ගන්න. ඔයාට ලියනවට වඩා ඉක්මනටම හිතලා කතා කරන්න පුලුවන් නම් ඒ සිහින මතකය Voice Recording එකක් විදියට පටිගත කරගන්න.
Play Store එකෙන් Apps එහෙමත් තියනවා
Lucid Dreaming Journals වෙනුවෙන්ම.
Awaken
Dream Keeper
Dream Journal Ultimate
3. ඔබේ සිහිනයේ සලකුණු (Signs)හදුනා
ගන්න.
ඔයා Dream Journal එක ලිව්වටම මදි ඒක කියවන්න Daily. ඔයාගේ සිහින එකිනෙකට ගලපන්න. මේ සිහින අතර අති විවිධ සම්බන්ධකම් ඔයාට හම්බවේවි. එකම චරිත, එකම Title එක යටතෙම යන හීන ඔයාට හම්බවේවි. එතකොට ඊලග වතාවෙදි ඔයාට ඉක්මනටම Recognize කරගන්න පුලුවන් ඔයා මේ දකින්නේ සිහිනයක් කියලා.මේ ඔක්කොම ඕන වෙන්නෙ ඔයා හීනෙදි අපි හීනයක් දකිනව කියන එක අදුරගන්න.
4. යතාර්ථය පරීක්ෂා කිරීම.
උඩ කියපුව ගොඩක් අය කරන්නෙ නෑ මොකද කම්මැලි කම නිසා.ඉතිම් මේක තමයි වැදගත්ම දෙය.උඩින් කියපු දේවල් කරේ නැතුව මේකෙන් විතරක් lucid dream දකින අය ඉන්නව.මේකෙදි කරන්නෙ අපි නිකම් ඉන්න වෙලාවටත් අපි බලනව අපි ඉන්නෙ හීනෙකද කියල ටික දවසක් මේක එක දිගට දවසට දහ සැරයක් පහලොස් සැරයක් කරාම නිකන්ම ඒක පුරුද්දට යනව.ඉතිම් ඒ පුරුද්දට හීනෙදිත් අපි චෙක් කරනව අපි ඉන්නෙ හීනෙකද කියල.අන්න හීනෙදි වැඩේ අහුවෙනව අපි මේ ඉන්නෙ හීනෙක කියල.ඊට පස්සෙ ඉතිම් ගොඩ.දැන් බලමු කොහොමද realty check කරන්නෙ කියල.ඒකටත් ක්‍රම ගොඩක් තියනව එක එක අය එක එක ක්‍රම වේද පාවිච්චි කරනව.
එකක් තමයි.ඔයාගෙ අතේ ඇගිලි ගනන් කරන එක.ඔයා සැබෑ ලෝකෙදි නිතර අතේ ඇගිලි ගනන් කරාම ඔයාට ඒ පුරුද්දට හීනෙදිත් ගනන් කෙරෙනව.හැබැයි හීනෙදි ඔයාට ඔයාගෙ ඇගිලි හරියට පේන්නෙ නැති නිසා ගනන් කරන්න බෑ.සමහර විට ඇගිලි 10ට වඩා වැඩි වෙයි.ඔයාගෙ අත් නිකම් වයිබ්‍රේට් වෙනව වගේ පෙනෙයි.අන්න එතකොට ඔයාට තේරෙනව මේක හීනයක් කියල.
නැත්තම් ඔයාට පුලුවන් ඔයාගෙ අත් කකුල් දිහා බලන්න හීනෙදි ඔයාට මේව පැහැදිලිව පේන්නෙ නෑ.ඒකත් එක ක්‍රමයක්
මේක තමයි ගොඩක්ම හොදම ක්‍රමය විදිහට මං දකින්නෙ.ඒ තමයි නහය ඇගිලි වලින් තද කරගෙන හුස්ම ගන්න උත්සහ කරන්න.ඔයාට සැබෑ ලෝකෙදි ඒක කරන්න බැරි උනත් හීනෙදි කරන්න බෑ. ඉතිම් ඔයාට මේ දේවල් වලදි හීනෙදි ඔයා හීනයක් දකිනව කියල දැනගත්තම ඔයාට පුදුම ආතල් එකක් දැනෙයි.ටික ටික ඔයාට හීනෙ ඇතුලෙ දේවල් පාලනය කරන්න පුලුවන් වෙයි.මේක ටික දවසක් පුරුදු වෙන්න වෙනව පලවෙනි පාර ඔයාට ඇහැරෙයි.කලබල නැතුව ආපහු ඒ හීනෙ ගැනම හිතාගෙන නිදාගන්න.දිගටම කරනකොට ඔයාට පුලුවන් lucid dreamer කෙනෙක් වෙන්න.
Waring : නිතරම අපි මේ දකින්නෙ හීනයක්ද කියන එක ඔයා ගොඩාක් කල් එක දිගට කරන්න ගත්තොත් සමහර අයට මානසික රෝග ඇතිවෙන්න පුලුවන් ඒක ගොඩක් භයානකයි ඉතිම් හැමදේටම සීමාවක් තියාගන්න.
• Lucid dream වල වාසි මොනවද?
මේ lucid dream වලදි ඔයාට වාසි ගොඩක් තියනව සමහර අය මේක හොදට ප්‍රගුන කරල නොයෙක් දේවල් මතක තියාගන්න,නිර්මාණශීලීත්වය වැඩිකරගන්න,ප්‍රශ්න වලට උත්තර හොයන්න වගේ හොද දේවල් වලට පාවිච්චි කරනව ඒකට නම් ගොඩක් පුහුනු වෙන්න ඕන.ඉතිම් ඉස්සරහටත් ඔයා මගේ සයිට් එකත් එක්ක එකතු වෙලා හිටියොත් මේ දේවල් කරන හැටිත් අනිවාරෙන්ම කියන්නම්.තවත් වාසියක් තමයි මුලු දවසෙම වැඩ කරල එක දිගට රොබෝල වගේ ජීවත් වෙන අපිට හීනෙන් හරි මෙහෙම ආතල් එකේ ඉන්න පුලුවන්.
සමහර රටවල්වල මේ ක්‍රමය මානසික රෝග සුව කරන්නත් පාවිච්චි කරනව කියල කියනව.
තව දෙයක් කරන්න කලින් කරල බලන්නත් මේක උපයෝගී කරගන්නව.හිතන්න ඔයා සම්මුඛ පරීක්ෂණයකට යනව කියල ඔයා හීනෙන් ඒකට ගිහින් experience එකක් අරන්ම ගියාම කොහොමද..
• Lucid dream වල අවාසි.
හැමදේකම වගේ මේකෙත් අවාසි ගොඩක් තියනව.මේකෙන් වෙන ප්‍රදානම අවාසිය අපිට නින්දෙන් මොලයට ලැබෙන විවේකය ගොඩක්ම මේ නිසා නැති වෙලා යනව.තව මේක මත්ද්‍රව්‍ය වගේම තමයි අතිශයින්ම ඇබ්බැහිවෙන සුලුයි.
ඉතිම් ඔයා නිදාගන්නෙම මේ lucid dream බලන්නම වෙන්න පුලුවන් මේකට ඇබ්බැහි උනාම ඒක ඔයාගෙ මනසට ලොකු හානියක් වගේම නින්දටත් ලොකු හානියක්.
අනිත් එක තමයි යතාර්තයකද? හීනයකද? කියල සීමාවක් නැතුව චෙක් කරන එක අන්තිමේ මානසික රෝගයක් වෙන්නත් පුලුවන්.( වෛද්‍ය නිර්දේශය නම් ඒක 10 සැරයක් 15 සැරයකට වඩා කරන්න එපා කියන එකයි)
තව ඔයාට හීනයයි යතාර්තයයි පැටලෙන්න පුලුවන්.ඒ කියන්නෙ හිතන්න ඔයාට සැබෑ ලෝකෙදි කාටහරි දෙයක් කියන්න ඕන කියල හිතුන කියල ඔයා ඒක හීනෙන් එයාට කියල ඔයාට සැබෑලෝකෙදිත් එයාට ඒක කිව්ව වගේ හිතෙන්න පුලුවන්.ඔයා කරපු දේ හීනෙන්ද කරේ යතාර්තය තුලද කියල හිතාගන්න බැරි වෙනව
ඉතිම් ඔන්න ඔහොම තමයි lucid dreamer කෙනෙක් වෙන්නෙ.මේක කරලම බලන්න හරි විනෝදජනක දෙයක්.මං නම් කියන්නෙ කවුරුත් එක පාරක් හරි මේක try කරන්නම ඕන දෙයක්.මේකෙදි ඔයාට ගොඩක් විනෝද ජනක දේවල් කරන්න පුලුවන් උදාහරණයක් විදියට සුපර් මෑන්ට ස්පයිඩර් මෑන් වගේ මකුලු දැල් විදින්න බැරි උනත් ඔයාට ඕන්නම් හීනෙදි සුපර් මෑන්ට උනත් ස්පයිඩර් මෑන් කරන දේවල් කරන්න පුලුවන්.හැරී පෝටර්ගෙ මායා කොස්සෙ යන්න උනත්,හර්මයිනිව හම්බවෙන්නත් පුලුවන් ඕන නම්.
ඉතිම් හැමදේම සීමාවක් ඇතුලත කරන්න ඒක තමයි හොදම දේ වාසි වගේම අවාසිත් මතක තියාගන්න ඕනම දේකට ඇබ්බැහිවෙන එක නම් නරකයි...
ඉතිම් ඔයාත් මීට කලින් මේක try කරල තියන කෙනෙක්ද? දැනටමත් කරන කෙනෙක් ද? නැත්තම් ඔයා මේගැන තව තොරතුරු දන්නවද ? යටින් comment කරන්න.ගැටලු තියනවනම් comment එකක් දාන්න.
ඉතිම් ඔන්න ඔහොම තමයි lucid dreamer කෙනෙක් වෙන්නෙ.මේක කරලම බලන්න හරි විනෝදජනක දෙයක්.මං නම් කියන්නෙ කවුරුත් එක පාරක් හරි මේක try කරන්නම ඕන දෙයක්.මේකෙදි ඔයාට ගොඩක් විනෝද ජනක දේවල් කරන්න පුලුවන් උදාහරණයක් විදියට සුපර් මෑන්ට ස්පයිඩර් මෑන් වගේ මකුලු දැල් විදින්න බැරි උනත් ඔයාට ඕන්නම් හීනෙදි සුපර් මෑන්ට උනත් ස්පයිඩර් මෑන් කරන දේවල් කරන්න පුලුවන්.හැරී පෝටර්ගෙ මායා කොස්සෙ යන්න උනත්,හර්මයිනිව හම්බවෙන්නත් පුලුවන් ඕන නම්.
ඉතිම් හැමදේම සීමාවක් ඇතුලත කරන්න ඒක තමයි හොදම දේ වාසි වගේම අවාසිත් මතක තියාගන්න ඕනම දේකට ඇබ්බැහිවෙන එක නම් නරකයි...
ඉතිම් ඔයාත් මීට කලින් මේක try කරල තියන කෙනෙක්ද? දැනටමත් කරන කෙනෙක් ද? නැත්තම් ඔයා මේගැන තව තොරතුරු දන්නවද ? යටින් comment කරන්න.ගැටලු තියනවනම් comment එකක් දාන්න.
🤩🤩
ReplyDelete❤️❤️
ReplyDelete🖤❤️
ReplyDelete